Thoughts of Me මගේ සිතුවිලි

Random thoughts from a nonrandom Mind | අසම්භාවි සිතක සසම්භාවී සිතුවිලි

සමුගැනීම

with 6 comments

“ඔච්චර සීරියස් විදියට ඉන්නෙ නැතුව සාමාන්‍ය විදියට ඉන්නකෝ සයුරු. වටේ පිටේ ඉන්න මිනිස්සු බලයි මොකද මේ කියල.”

ෆලූඩා එකේ කජු කෑලි තෝර තෝර හිටපු මම ඔලුව උස්සලා නිශාන් දිහා බැලුවා. එයා මූණ නොරොක් කරගෙන මං දිහා බලාගෙන ඉන්නවා. මම ලොකු හුස්මක් පිට කරල ෆලූඩා එක පැත්තකින් තිබ්බා.

“මට මොකද්ද ඔයා කරන්න කියන්නෙ. මාසෙකට පස්සේ මේ හම්බ වෙන්නේ. එහෙම හම්බ වෙලත් මොකක් හරි වලියක් ඇද ගන්නමයි හදන්නෙ. අනික ඔයා හිතුවද වටේ පිටේ මිනිස්සුන්ට වෙන වැඩ නෑ කියල අනිත් මේස වල ඉන්න උන්ගේ මුණූ සීරියස්ද බලනව ඇරෙන්න ? මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ ?”

ඒ පාර නිශාන් එයාගේ ෆලූඩා එකත් එක්ක සෙල්ලම් කරනවා. කතාවක් නෑ.

“මොකද දැන් කතා නැත්තේ ? කියනව මොකද්ද ප්‍රශ්නේ කියල. මම හරි මදිද ? මාත් එක්ක එලියේ පේන්න ඉන්න ලැජ්ජද ?”

“පිස්සුද සයුරු. මෝඩ කතා කියන්න එපා.”

“එහෙනම් මොකද්ද ඔයාගෙ ප්‍රශ්නේ ?”

“එහෙම ප්‍රශ්නයක් නෑ සයුරු. ඔයා දන්නවනේ මම මෙහෙම එලියට එන්නෙ කොච්චර බයෙන්ද කියල. මට බයයි කවුරු හරි දැක්කොත් කියල.”

“ඔයා මහ පැරනොයිඩ් කේස් එකක්නේ. කොල්ලො දෙන්නෙක් එකට වාඩි වෙලා බීම එකක් බොනව කියන එක ඔච්චර අමුතු දෙයක් කියලද හිතන් ඉන්නෙ ? ඕන තරම් යාලුවෝ එහෙම කරනව. කවුරුත් මුකුත් හිතන්නේ නෑ.”

“ඒ උනත්…..”

“ඔයාට මම මොනා කලත් ඒකෙ වරදක් තියෙනවා. මම හිටගන්න හැටි වැරදී, ඇවිදින හැටි වැරදී, කතා කරන හැටි වැරදී, හිනාවෙන හැටි වැරදී, අඳින හැටි, කොන්ඩේ කපන හැටි වැරදී… ඇයි හතිලව්වෙ මට ඔයා කැමති වෙන විදියට කිසිම දෙයක් කරන්න බෑනේ.”

“ඔයාව හම්බ වෙච්ච මුල් දවසේ ඉඳලම මම උත්සාහ කලේ ඔයාව සතුටු කරන්න. ඔයා වෙනුවෙන් මම කොච්චර වෙනස් උනාද ? ඒ මොනා කලත් ඔයාට මදි. මොනාද මට තව කරන්න කියන්නෙ ?”

මේ සම්භන්ධය තව දුරටත් මේ විදියට ගෙනියන්න බෑ කියල මට ඒ වෙලාවේ තේරුණා. නිශාන් කවදා හරි පිට කොන්දක් හදා ගන්නකන් මේක හරියන්නෙ නෑ. මේ විදියට හැංගිමුත්තං කෙලින්න මට තව බෑ.

“මම ඔයාගෙන් බොහොම සුළු දේවල් බලාපොරොත්තු උනේ නිශාන්. ඔයාට ඒකවත් දෙන්න බෑ. ඔයාට ඕනේ මාව හොර ගෑණියෙක් වගේ හංගලා තියාගන්නනම් මට ඒක තව දුරටත් කරන්න බෑ. මටත් කියල ආත්ම ගෞරවයක් තියෙනවා. මට ඔයාගේ හොර ගෑණි වෙන්න බෑ මම ඔයාට කොච්චර ආදරේ කලත්.”

මම මගේ බෑග් එකත් කරේ දාගෙන නැගිට්ටා. නිශාන් මං දිහා කඳුළු පිරිච්ච ඇස් දෙකෙන් බලන් ඉන්නවා. ඒ ඇස් දෙක දැක්කම මට මගේ තීරණේ වෙනස් කරන්න හිතුණා. ඒත් නෑ මට ආපහු මේ ගිණි ගොඩට පනින්න බෑ. මට මගේ හිත මඩේ දදා හෝදන්න ඕනෙ නෑ තව දුරටත්.

“මම යනව නිශාන් මට මේක තව දුරටත් කරන්න බෑ. මම හොඳ මිනිහෙක් නිශාන්. මම කාටවත් කරදරක් නොකර පාඩුවේ ජීවත් වෙන මිනිහෙක්. i deserve better than this”

මම ආපහු හැරිලා නොබලාම ෆුඩ් කෝර්ට් එකෙන් එලියට ආවා. නිශාන් කතා කරල කොච්චර ඇඞුවත් කොච්චර හිඟා කෑවත් මගේ තීරණේ වෙනස් කරන්නේ නෑ කියල මම මටම පොරොන්දු උනා. දෙවියනේ මට ඒ පොරොන්දුව රකින්න ශක්තිය ලබා දෙන්න.

Written by Sayuru Gajasinghe

January 3, 2011 at 9:05 am

ලස්සන ඇස් – පෙරවදන

with 6 comments

නිදා ගැනීම කියන්නේ මම ආසම කරන ක්‍රියාවක්. ඒක මගේ ප්‍රියතම විනෝදාංශයක් කිව්වත් හරි. දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම තැනක මට නිදා ගන්න පුලුවන්. හදිසියේම මහ හයියෙන් ෆෝන් එක රින්ග් වෙද්දි මාව උඩ ගිහින් ඇහැරුනා. ෆෝන් එක සයිලන්ට් දාන්න අමතක වෙච්ච එකට මටම බැණ බැණ ඇඳෙන් නැගිටින්නෙවත් නැතුව අතගාලා ෆෝන් එක හොයාගත්තා.

“හෙල්ලෝඕ” මම ෆෝන් එක ආන්සර් කලේ කත කරපු එකාට හිතෙන් බැණ බැණ.

“සයුරු අයියේ, මම නිසල් කතා කරන්නෙ. අද එනව නේද ?”

“හ්ම්ම්.. ඒ මොකටද ?”

“ඇයි හලෝ අමතක උනාද හෙට කඨිනේ. ඔයයි මල්ලියි දෙන්නම එනව කිව්වෙ අද නයිට ගහන්න.”

“ආ ඔව් ඔව්. එනව එනව. මල්ලි තාම ආවෙ නෑ වැඩ ඇරිලා. ආවම එන්නම් දෙන්නත් එක්කම.”

“හරි එහෙනම් තිබ්බා.”

“ඕකේ. බායි”

නිසල් කියන්නේ මගේ මල්ලිගේ හොඳම යාලුවගේ මල්ලි. මගේ මල්ලි මට වඩා අවුරුදු දෙකක් බාලයි. නිසල් මට වඩා අවුරුදු තුනක් බාලයි. හෙට අපේ පන්සලේ කඨිනේ. කඨින චීවරේ ගෙනියන්නේ නිසල් ලගේ ගෙදර ඉඳන්. හැම අවුරුද්දෙම වගේ කඨිනෙට කලින් දා රෑ නයිට ගහන එක ගමේ කොල්ලෝ සෙට් එකේ පුරුද්ද. නිසල් වගේම නිසල්ගේ අයියා ප්‍රදීප් දෙන්නම ගමේ ඕනම දේකට ඉස්සරහට එන දෙන්නෙක්. ඒ නිසා අද එහෙ කට්ටිය ගොඩක් ඉඳී.

දැන් ඉතින් ආපහු නින්ද යන්නෙ නෑ. විනාඩි දෙක තුනක් ඇඳේ එහාට මෙහාට පෙරලි පෙරලි හිටපු මම නැගිටලා නාගෙන එහෙම ලෑස්ති උනා. මම නාලා එලියට එනකොටම වගේ මල්ලිත් වැඩ ඇරිලා ආවා. එයත් නා කියා ගෙන ආවට පස්සේ දෙන්නම නිසල්ගෙ ගෙදර යන්න පිටත් උනා. අපේ කොල්ලෝ සෙට් එක කෙසේ වෙතත් හැට පැනපු ආච්චිලා සීයලා ටිකක් නම් හිටිය හතර අතේ දපල.

“ඕයි නිසල්, ප්‍රදීප්.. කෝ අනිත් උන් ?”

“දැන් එයි. තාම හතයි නේ.”

මල්ලි ගියා ප්‍රදීප් එක්ක හන්දියට මොනාද ගේන්න. මම නිසල් එක්ක එයාගේ කාමරේට ගියා. අපි දෙන්නත් එක්ක අලුතින් ආපු ෆිල්ම් ගැන, ගමේ වටේ පිටේ ඕපදූප ගැන කතා කර කර ඉඳිද්දි පහල තට්ටුවෙන් ලොකු කාල ගෝට්ටියක් ඇහුනා.

“මාර සේනාව ඇවිත්”

එහෙම කියපු නිසල් පහලට ගියා කට්ටියව පිලිගන්න. මම නිසල්ගේ කම්පියුටර් එකේ සින්දුවක් දාගෙන අහන්න ගත්තා. කොල්ලෝ සෙට් එකේ උන් එක එකා කාමරේට ආවා. මම ඉතින් එක එකාගේ විස්තර අහල පොඩි කයියක් දාගෙන හිටියා. ටික වෙලාවකින් කට්ටිය කාඩ් පැක් එලියට අරගෙන ඕමි ගහන්න පටන් ගත්තා.

“කෝ නිසල් ?”  මම ඇහුවා.

“නිසල් අයියා අර අලුතෙන් ආපු පොර එක්ක හිටියා.”

“අලුතෙන් ආපු පොර ? ඒ කවුද මම නොදන්න අලුත් පොර ?”

“සති කීපයක් වෙනව මෙහාට ඇවිත්. නිසල් අයියලාගේ දුර නෑයෙක් වෙනවලු. අර වෙන්දේසි වත්තයි දං කැලෑවයි මැද්දේ තට්ටු දෙකේ ගෙයක් තිබ්බේ. අන්න ඒකට ඇවිත් ඉන්නෙ.”

කව්ද මේ අලුත් පොර ? ගිහින් බලන්න ඕනේ. එහෙම හිතල මම නැගිට්ටා පහලට යන්න. මම නැගිටිනවත් එක්කම නිසල් ‘අලුත් පොර’ එක්ක කාමරේට ආවා.

“ආ සයුරු අයියේ මේ ෂේන්. අපේ දුර නෑයෙක්. ලඟදි මේ පැත්තට පදිංචියට ආවේ. ෂේන් මේ සයුරු අයියා. අපේ සෙට් එකේ අනුශාසක තුමා”

නිසල් අපිව අඳුන්වලා දුන්නේ මට නෝන්ඩියකුත් දාන ගමන්. නිසල් මොනා කිව්වද කියල මට ඇහුනේවත් නෑ. ඒ මොකද මම ගල් ගැහිලා ෂේන් දිහා බලාගෙන හිටපු නිසා. දෙයියනේ ඒ ඇස් දෙක. මගේ කකුල් දෙක පණ නැති වේගෙන යනවා වගේ මට දැනුනා. මම ෂේන්ට අතට අත දුන්නේ මගේ ඇස් දෙක එයාගේ මූණෙන් පොඩ්ඩක්වත් අයින් කර ගන්නේ නැතුව. මට මුලු ලෝකෙම නොපෙනී ගිහින් ෂේන් විතරක් පේන්න උනා. මම ෂේන්ගේ අත අතඇරියේ නොකරම බැරි නිසා.

එදා තමා මට මුල් වතාවට ෂේන්ව හම්බ උනේ. ඒ පලවෙනි හමුවීමේදීම මට තේරුනා මගේ ජීවිතේ ආපහු හරවන්න බැරි තරමට වෙනස් වෙන්න යනවා කියලා.

Written by Sayuru Gajasinghe

January 1, 2011 at 10:23 am

හැරී පොටර්ගේ දිනපොත

with 25 comments

“නිස්කාරණේ මොන කෙහෙල්මලකට තමන්ව තමන්ගේ තාත්තත් එක්ක සංසන්දනය කරනවද මන්දා තමන්ගේ අගය තේරෙන්නේ නැති මෝඩයා”

අපැහැදිලි කුරුටු අකුරු වලින් පිරිච්ච හැරී පොටර්ගේ දිනපොතේ පලවෙනි පිටුවේ පලවෙනි පේලිය ඩ්‍රැකෝ කියවන්න ගත්තේ ඇස් වලට කඳුලු පිරී එන අතරේම.

“මම එයාට ආදරෙයි. ඒත් මට ඒක කියන්න විදියක් නෑ. හේතුව අපි දන්න කාලේ ඉඳලම හතුරෝ නිසා. අද උනත් එකට අවුරර් සහකාරයෝ හැටියට වැඩ කලත් ඒකේ වෙනසක් නෑ. අනේ මට ආපහු අතීතයට ගිහින් එදා ඩ්‍රැකෝ අත දික්කරපු වෙලේ ඒක පිලිගන්න පුලුවන්නම්.”

කුරුටු අකුරු දිගේ හිමිහිට ඇඟිලි තුඩු ගෙනියන ගමන් ඩ්‍රැකෝගේ හිත අතීතයේ ඒ අවාසනාවන්ත දවසට ඇදිලා ගියා. එදා ඩ්‍රැකෝ හැග්රිඩ්ට අපහාස කලේ නැත්නම්, වීස්ලිත් එක්ක රණ්ඩුවක් ඇදල ගත්තේ නැත්නම් හැරී තමන්ගේ අත පිලිගන්න තිබ්බ බව ඩ්‍රැකෝ කල්පනා කලා.

“එයා මං දිහා බලා ඉන්න හැම වෙලාවෙම මට හුස්ම ගන්න පවා අමතක වෙනවා. ඒ හැම වෙලාවෙම මට හිතෙනව ගිහින් එයාව තදින් බදාගන්න. මට ඕනෙ එයාව ඉඹින්න, එයාට කියන්න එයා වෙනුවෙන් ලෝකේ කෙලවරටම උනත් යන්න මම ලෑස්තියි කියල. මම හොග්වර්ට්ස් කාලේ එයාට වෛර කරපු බව ඇත්ත. ඉතින් මොකද ?”

ඩ්‍රැකෝට කෑගහන්න ඕන උනා එයාටත් හැරී වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් කියල. ඒත් හැරී එහා පැත්තේ කාමරේ ඉන්න බවත්, එහෙම කලොත් දිනපොත හොරෙන් ගත්තු බව අහුවෙන බවත් ඩ්‍රැකෝට මතක් උනා.

“මම එයාට ගොඩක් ආදරෙයි. ඒ මදිද ?”

ඇති. හොඳටම ඇති. ඩ්‍රැකෝට හයියෙන් කෑගහලා අඞන්න ඕන උනා. ඒත් කිසිම සද්දයක් පිටනොකර හිටියේ එහෙම කලොත් එහා කාමරේ ඉඳන් හැරී මුමුණන සින්දුවට බාධා වෙන නිසා.

“යුද්ධේ ඉවර වෙලා අවුරුදු හතරක් ගතවුනා. ඒත් ඇයි තාමත් මිනිස්සු එයාට නිදහසේ ජීවත් වෙන්න දෙන්නෙ නැත්තේ ? මුන් ඔක්කොම එයා සියදිවි නසාගන්නකන් කරදර කරාවි. පත්තර කාරයන්ටත් ඊට වඩා හොඳ ආරංචියක් නැති වෙයි. ‘මැල්ෆෝයි පරපුරේ අන්තිමයා සියදිවි නසා ගනියි.’ පත්තරේ එහෙම යයි. “

ඩ්‍රැකෝ එලියට පනින්න ආපු ඉකිබිඳුම අමාරුවෙන් නවත්ත ගත්තත් කඳුලු නවත්තගන්න බැරි උනා. ඩ්‍රැකෝ අද ඉස්කෝලේ යන කාලේ හිටපු රදල තාත්තාගේ පුතා නෙමේ. යුද්ධය ගොඩක් දේවල් වෙනස් කලා.

“මම ඩ්‍රැකෝ මැල්ෆෝයිට ආදරෙයි. එච්චරයි. මගේ හැඟීම් වලට බලපෑම් කරන්න කාටවත් අයිතියක් නෑ. මම කොහෙවත් යන සක්කිලින්ට, පාහර පත්තරකාරයන්ට, ස්කීටර් වගේ ගණිකාවන්ට ඉඩ දෙන්නෙ නෑ එයාට තව දුරටත් කරදර කරන්න. එයා මගේ. ඒක ගලේ කොටපු දෙයක් වගේ ස්ථිරයි. එයා වෙනුවෙන් නැති මගේ මැජික් යශ්ඨිය වෙන මොනාටද ?”

ඩ්‍රැකෝගේ ඇඟිලි වෙව්ලන්න ගත්තා. ඇහේ කඳුලු නිසා හරියට පේන්නෙ නැතුව ගියා.

“ඕන කෙනෙක් ඕන ඕපදූපයක් පතුරපුවාවේ. ඒ එකෙක්ටවත් අපිව වෙන් කරන්න බෑ. මම මගේ උපරිමයෙන් එයාව ආරක්ෂා කරනවා. ඩ්‍රැකෝ මැල්ෆෝයිටත් අයිතියක් තියෙනවා සතුටු වෙන්න. ඇයි හැම කෙනාම ඒ අයිතියට හරස් වෙන්නෙ ?”

“මට එහා පැත්තේ කියුබිකල් එකේ ඉන්න එයාගේ හුස්ම ගන්න සද්දේ තරම් මාව සන්සුන් කරන්න පුලුවන් වෙන සද්දයක් නෑ. එයා කරදරේක නම් මොකක් හරි ප්‍රශ්නයක් නම් මම දැන ගන්නේ එතකොට එයාගේ හුස්ම ගන්න සද්දේ නෑහෙන තරමට අඩුවෙන නිසා. “

“මට ඇහෙනවා අනිත් අය එයාට අපහාස වෙන්න කියන කතා, ඇනුම්පද. ඒ ඔක්කොම මරල දාන්න පුලුවන්නම් ඒ වෙනුවෙන් ඇස්කබාන් හිරගෙදරට යන්න උනත් මම ලෑස්තියි.”

“සමහර වෙලාවට ඒ කිසිම දෙයක් ගනන් ගන්නෙ නෑ වගේ ඉන්න හදන එයාගේ උත්සාහය කඩන් වැටෙනවා මම දැකල තියෙනවා. එයා එහෙම දකිනවා තරම් දුකක් මට තවත් නෑ. ඉස්කෝලේ යන කාලේ ඩ්‍රැකෝ කියන්නේ කාටවත් අල්ලන්නවත් බැරි කෙනෙක්. එයාට සංසන්දනය කරන්න කිසිම කෙනෙක් නෑ. එයා අඩු පාඩුවක් නැති අපූරු මිනිහෙක්. එයාට පාඩුවේ ඉන්න දීපන් කියල මුලු ලෝකෙටම කෑගහල කියන්න ඕනේ මට. අවුරුදු කීපක් තිස්සේ එයා දුක් වින්දා හොඳටම ඇති. අවංක හිනාවක් එයාගේ මූනේ මම මෙච්චර කාලෙකට කවදාවත්ම දැකල නෑ.”

ඒ වෙලාවේ ඩ්‍රැකෝ කඳුලු අතරින් හිනා වුනා.

“ඩ්‍රැකෝ කොච්චර යටහත් පහත් කෙනෙක්ද කියල මට තේරෙන්නේ දැනුයි. මම තරමටම වොල්ඩ්මාට්ට වෛර කලත් අන්තිමට එයාට උනේ අඳුරු සලකුණ අතේ කොටා ගන්න; ඩම්බල්ඩෝර් දිහාවට යෂ්ඨිය දික් කරන්න. මට ඕනේ එයා මාව විශ්වාස කරන්න. එයාගේ පැත්තට කවුරු නැතත් මම ඉන්න බව, එයාට උදව් කරන බව එයාට ඒත්තු ගන්වන්න. එයා ඒක දැන ගත්තොත් එයාට ඒක ලොකු දෙයක් වෙයි. මම හිතන්නෙ.”

දිනපොතේ තිබ්බ එකම සටහන් එච්චරයි. HJP කියල යටින් අත්සන් කරල තිබ්බා.

ඩ්‍රැකෝ පොත වහල කතාවක් නැතුව කවරේ දිහා ඇහිපිය නොගහ බලාගෙන හිටියා. තමන් දිහා කවුරු හරි බලන් ඉන්නවා කියල දැනුනු නිසා ඩ්‍රැකෝ ඔලුව උස්සල බැලුවම දැක්කා අවුල් වෙච්ච කලු කෙස්, දිලිසෙන කොලපාට ඇස්, රවුම් කන්නාඩි එක්ක හැරී තමන් දිහා බලාගෙන ඉන්නවා. හැරීගේ මූණ රතු වෙලා.

“මැල්ෆෝයි, බැරිවෙලාවත් මගේ ජර්නල් එක දැක්කද ? රිදී පාට පොඩි එකක් ?”

ඩ්‍රැකෝගේ ඇස් කඳුලු වලින් පිරෙන්න ගියේ තත්පරයකටත් අඩු කාලයක්. හැරී මේක දැක්කා.

“මැල්ෆෝයි මොකද උනේ ? ඇයි අඞන්නේ ?”

හැරී ඩ්‍රැකෝ ලඟට හිමින් ආවා. ඩ්‍රැකෝ හැරීගේ දිනපොත උස්සලා පෙන්නුවා. හැරී ගල් ගැහිලා බලන් හිටියා. දිනපොත ආපහු මේසෙන් තියපු ඩ්‍රැකෝ නැගිටලා හැරී ගාවට ගියා. හිමින් සීරුවේ හැරීගේ වටේ අත්දෙක යවලා හැරී ලඟට ඇදල ගත්තු ඩැකෝ හැරීගෙත් තමන්ගෙත් දෙතොල් අතර තිබ්බ අඟල් කීපයක දුර නැති කලා. හැරීගේ පුදුමයෙන් ගල්ගැහිලා හිටියේ තත්පර කීපයක් විතරයි. හැරී ඩ්‍රැකෝගේ ඉන වටේ අත් යවලා තව ඩ්‍රැකෝව තමන්ගේ ඇඟට හිර කර ගත්තා.

අහල පහල හැමදෙනාම වැඩ නවත්තලා ඇස්, කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා. කැමරා විදුලි එලි එකදිගට වදිනවා. ඒත් හැරීවත් ඩ්‍රැකෝවත් ඒ එකක්වත් ගානකටවත් ගත්තේ නෑ. දිනපොතේ ලියල තිබුන විදියටම කිසි කෙනෙක්ට, කිසි දෙයකට බෑ දැන් එයාලව වෙන් කරන්න.

 

inspired by a story i read on fan fiction.net

Written by Sayuru Gajasinghe

December 31, 2010 at 10:22 am

Posted in Sinhala

උදේ තේ සමඟ ඕපදූප

with 4 comments

මම උදේ තේ එක බිබී හිටියෙ. අම්ම ඇවිල්ල හේත්තු උනා උලුවස්සට. මම දැනගත්තා මොකක් හරි ඕපයක් තමා කියල.

“දන්නවද වෙලා තියෙන වැඩක් ?”

“නෑනෙ”

“අර වෙන්දේසි ඉඩමේ තට්ටු දෙකේ ගෙදර”

“අර කොනේ තියෙන ලස්සන ගේ නේද ?”

“ඔව්. ඒක තමා. එහෙට පොලිසියෙන් පැනලනෙ.”

පොලිසියෙන් කිව්වම මට නිකන් අමුතු ගතියක් ආවා. මගෙ පොඩි මෙව්ව එකක් තියෙනවා යුනිෆෝම් අඳින කොල්ලන්ට.මම ඉතින් දඩි බිඩි ගාල ලෑස්ති උනා බලන්න යන්න.
“දැන් නෑ. හිටපු කට්ටිය දාගෙන මේ දැන් ගියේ.” අම්ම මාව නැවැත්තුවා. නොදකින් විතරක්. මොන මගුලකට මම 11 වෙනකන් නිදා ගත්තද මන්දා අපරාදෙ චාන්ස් එක මගඇරුනා.

“ඉතින් මොකෝ පොලිසියෙන් ඇවිත් තියෙන්නේ ?”

“එහෙ ගෑණු තියාගෙන විකුණලා” අම්ම ටිකක් ලඟට ඇවිත් රහසෙන් වගේ කිව්වා. ඔන්න ඉතින් අපෙ අම්මා පටන් ගත්තා වෙච්ච සීන් එක ලඟ ඉඳන් බලං හිටිය වගෙ කියන්න. මමත් ඉතිං අපෙ අම්මගෙ පුතානේ, කට ඇරගෙන අහගෙන හිටියා.

“…………… දවසට රුපියල් 3500 ක් පඩි ගෙව්වලු ඒ ගෑණුන්ට”

“මොකක්”

අම්මට සිරි, 3500ක්. එ කියන්නේ සතියකට දවස් 6ක් වැඩ කලොත් මාසෙකට 91000ක්. අවුරුදු හතරක් නැහිලා කැම්පස් ගිහින්, කට්ට කාලා කාලා අන්තිමට වැඩ කරන්න ගියහම අපිට ඔනනම් 20000-30000 හම්බ වෙයි වැඩිම උනොත්.

මට පරණ සින්දුවක් මතක් උනා.

බොහෝ කෲරයි අහෝ ලොව ධර්මේ…. මිල කලේ ඇයිදෝ ඔබ ප්‍රේමේ……

Written by Sayuru Gajasinghe

December 30, 2010 at 3:20 pm

Posted in Sinhala

My other half. Black or white?

with 7 comments

black white couple

There are different categories of guys. There are Caucasian, black, Indian, Asian, and Latino. My categorization is not complete and 100% accurate, however for the moment let’s assume it is. If I want to put myself in to one of those categories I will put myself in Indian category. As much as I hate to be called an Indian, I have no choice because when you say Asian mostly it means south East Asians and Chinese.

I m a Sri Lankan who is sexually more attracted to white men. Not that I say no to local guys but if I was given the choice I would choose a white guy over a local. Many Caucasian gay guys have the preference for black, Latino, Indian or Asians. The percentage of inter racial attraction is large enough for a social scientists to research on it. I am not a social scientist but this got me thinking. Is there a social or mental reason for this?

The simplest explanation is that opposite attracts. As simple as it may sounds, opposite can have many definitions. The main oppositeness in a hetro relationship, which doesn’t exist in a homo relationship is the gender. It’s the ultimate opposite. But a gay relationship gender is something they have in common. Having things in common might help to sustain a relationship, but still oppositeness is necessary for the attraction.

A thought flashed in to my mind. Are we trying to fill a gap by choosing a partner from another race? Are we trying to acquire the otherness by widening the oppositeness of our partners? Are we trying to be as close as possible to hetro couples?

I have given one possible explanation for the inter-racial attraction in the knowledge of my wide sweeping generalization. There are many guys who have other reasons for the attraction. For some people it can be as simple as just a preference like the preference of blondes or blue eyes.

Whatever the reason of Caucasians’ preference for Asian, I am happy for it. It got my guy attracted to me and me to him, and end of the day that’s all it matters to me.

Written by Sayuru Gajasinghe

December 30, 2010 at 3:06 pm

Posted in English

Follow

Get every new post delivered to your Inbox.